අපේ දරුවන්ට

පැල් කවි

පොද පොද වහින වැසි හැම තැන එකතු වෙලා
ඇළ දොළ ගඟුල් පිරිලා එයි දෙගොඩ       තලා
මඳ මඳ ලෙසින් වැසෙනා ගොයම නැති වෙලා
ඉඳ ඉඳ පලින් පල ආවයි පැලට                 බලා

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා     උණී
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට         දුනී
දුප්පත් කමත් වලිගය නැති ගොනා         වැනී

පැණි රස මොටද තණකොළ කන   ගවයන්ට
හී වැල් මොටද බිම හාරන                 ඌරන්ට
පන්දම් මොටද දිය යට යන             කිඹුලන්ට
හොඳකම් මොටද දැන් කාලේ                 මිනිසුන්ට

පැලේ පැදුර සුළඟට වැනි        වැනීයෝ
වැවේ වතුර රැල්ලට සිඳි            සිඳීයෝ
වෙලේ ගොයම පින්නට පැසි    පැසීයෝ
අපේ මෙවන් දුක දෙවිඳුට       පෙනීයෝ

පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි බුදියනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

බඹර කවි 

අහසේ ගොසින් තරු යට සැග                 වුණාදෝ
පොළොවේ ගොසින් වැලි යට සැග         වුණාදෝ
මූදේ ගොසින් රළ යට සැග                    වුණාදෝ
බඹරිදුනේ උඹ කොයි රට                        ගියාදෝ

උඩ මාලේ මල් වැසි වැස්සක්                     යනවා
බිම මාලේ මල් වැසි වැස්සක්                     යනවා
ළිප ළියගල් තැන වෙන්වුවොත්                 යනවා
නා ගහ බඹරෙ කැපුමට දෙන්නම               යනවා

පතල් කවි

දබරෙ කරකවා අත් දෙක                     වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                      කනවා
වතුර ඇදල අත්වල කරගැට                        එනවා
මිතුරේ පතල් වැඩ ගැන මගෙ බඩ                දනවා

දෝත මුදුන් තබමින් සුරිඳුන්                          වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින්                      දෙමු
දන්න දන්න තාලෙන් සී පද                         කියමු
දෝස දුරැර අපි ගම රටවල                            යවමු

මහ බෝගලට අපි ඇවිදින් විඳින දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා

දුම්බර කන්ද පාමුල මිනිරන් පතළේ
බැහැලා බඹ තිහක් කලුගල සිදුරු කළේ
බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ
විස්තර කියමි දුම්බර මිනිරන් පතළේ

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට

නෙලුම් කවි 

ඉරු දෙවියන් ඉරු මුදුනින් වඩින              තුරා 
සඳ දෙවියන් සඳ මුදුනින් වඩින                තුරා 
ගණ දෙවියන් ඝන අඳුරෙන් වඩින            තුරා 
සිව්පද කියමු අපි ඉරු ගල තිබෙන            තුරා 

උඩින් වදින ඉර සඳ දෙවියන්ට              කියන් 
බිමින් වඩින මිහිකත් දෙවියන්ට            කියන් 
සක්වළ වඩින සක්වළ දෙවියන්ට          කියන් 
වස් නැත අපට එළුවෙන් පාලියෙන්      කියන් 

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්
බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්


සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්
බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්

සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා

පාරු කවි

ගමන් යන්ඩ නැකතින් පාරු පැද    ගෙනේ
සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ    ගෙනේ
මෙවන් කළු ගගේ කඳු මුල් බලා    ගෙනේ
අපිත් යමුව සැම දෙවියන්ට වැඳ    ගෙනේ


ඔන්න මලේ ඔය නා මල නෙලා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්.

උපමා කවි

දිරන තුරු වහල පොල් අත්ත නොබඳිති
ඉරෙන තුරු රෙද්ද තවෙකක් නොම ගනිති
කෙරෙන තුරු යමක් එහි තරම නොදනිති
මැරෙන තුරු ඉගෙන ගන්න දේ තිබෙති

උපදේශ කවි


පීහිල්ලේ දියට කළයක් නැමූවත්
නොපිරේ කලය හැට පැයකින් බැලූවත්
ගුණ නැති එකා බණ දහමින් වෙලූවත්
උගේ ගතිය ඌ නාරී මැරූවත්


බස්සා නිදිමරයි කිසි හොරකමක් බැරි|
බල්ලා සෙමින් නොගියත් කිසි වැඩක් බැරි
ඌරා මඩ හෑරු මුත් වැපරුමක් බැරි
සිවලා සිංහ වෙස් ගත්තද නාද බැරි


ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ
මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ
අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ
හානා හීය පානා අඬහැරෙන් දැනේ

අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා
විදුලි එළිය දැක ගිනිහුළ දියේ හෙලා
අනුන් ලියන් දැක තම ලියටතල තලා
දුවනමුවන් දැක නොදමන් නෙළුව පලා

කවට කවි

මාමයි මමයි වැලි කුඹුරේ හාන කොට.
දත්කො‍ට ඇතෙක් එනවා අපි මරන්නට.
වටපිට බැලිමි ගසකුත් නැත නගින්නට.
පිටපට ගසා පැන්නෙමි මාමගෙ කරට.

සොකරි කවි

යාලක් විතර වී අව්වේ වනාලා.
දොළසක් විතර ඇඟ ගෝමර ඉසීලා.
අතක් දිගට නිල් වරලස මිදීලා.
සොකරි සිටිති වී අව්වේ වනාලා.

සෙත් ශාන්ති යාතිකා කවි

කළු කපුටා සුදු වන තුරු
මෝල් පිල්ල ලියලන තුරු
ඉඟුරු ඇස්ස පැලවෙන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආයුබෝ වේවා !

සිරස සවන් යුග මුඛ තුළ බෙල්ලේ
දෙවුර දෙවැලමිට අත දසැඟිල්ලේ
බඩ උකුලද දන කෙන්ඩ වලල්ලේ
දොස හැර පලයන් පතුලේ සියල්ලේ

තේරවිලි කවි

ප්‍රශ්නය

දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා
නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා
කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා
මෙතුන් පසේ තෝරන්නට බෑ හේමා

පිළිතුර

වනන්ත‍රේ ගල් උණූවනවා හේමා
ගමේ කම්මලේ මිටියෙන් වැඩ ‍හේමා
ජල බොර දියෙන් පණ රැකුණා හේමා
මෙතුන් පදේ ගිරයට කිව්වා හේමා

කුරක්කන් කවි

හේනේ පැළේ මා විඳිනා සුරුක්කන්
ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්
අපොයි මගෙ කිරි වදිනා කුරක්කන්

එපෙති දෙපෙති මහ හේනේ කුරක්කන්
මඟ යන්නෝ මට සරදම් කරක්කන්
එපෙති වෙන්ඩ කවුදැයි කළ නරක්කන්
කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්

දුරුතු මහෙදී කැලයට වැදීලා
මසක් පමණ කල් කැලවල් කොටාලා
මැදින් දිනේ දී වල් ගිනි තබාලා
කුරහන් ඉසිමුව කළුවර බලාලා


එල්ල වෙන්ට කවි කර කීවෙමි බෝම
කොල්ල කන්ට එති සිව්පාවෝ බොහොම
ගොල්ල සමඟ එති ඌරෝ සැමදාම
නිල්ල අබති සත් දවසින් බැලුවාම

රබන් පද

සඳුන් කැලේ අපි යනකොට රිලව් පනිනවා
එක රිලවෙක් බඩ බැඳගෙන පිනුම් ගහනවා
තක දොං පිනුම් ගහනවා

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුටිටු දෙකක් ඇත

උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
උඩ පල ගත්තත් බිම පල ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

තරිකිට දොං දොං අවුරුද්දයි රබාන දැන් දැන්
හරි සද්දයි තකිට දොදොං තකිට දොදොං තකිට දොදොං දොං අපට අරන්
කැවුම් කොකිස් නැන්ද එනව දොං අක්කෙ වරෙන් නෑනේ වරෙන්
නැන්දත් කැඳවන් අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු දැන්

රුං රුං රුඳ ගත රුංද ගතත් ගත රුංද ගතත් ගත තෙයි
අපේ ගෙදර තුන් දෙනයි උඩහ ගෙදර තුන් දෙනයි පහළ ගෙදර තුන් දෙනයි තුන් පොළේම නව දෙනයි
ගසට පලච්චෙයි විමනා ගසින් වැටිච්චෙයි විමනා විමනා කුන්ද මනා කුකඳ මනා කුඳං මනා දොං

වත්ත කතත් කතත්තා
ගෙදර ගතත් කතත්තා
වත්ත කතත් ගෙදර කතත් දෙකම කතත් කතත්තා

මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙ පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන් බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරු වරන් සිහිකර පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන් තක තෙයි පූජකර වරෙන්

වංගගිරි මැද වෙස්සන්තර රජ දනක් දුන් සැටි අසන් දොං දොං රංග බබළාබබළ බබළා නමින් අදිපති සුරන් දොං දො රංබ රඹ ගස යටට වී හැම කොළොම්පුරයේ ඉඳන් දොං දොං මේ ලංකාවේ නිරින්ඳුන් ඉදිරියේ ගසමුව රබන් දොං දොං

රෑන ගිරවු නටතෙයි ගුඳං ගුඳ පේර දොඩම් වැටෙතෙයි – විටිං විට පේර දොංම් වැටෙටතයි

උඩින් උඩින් වර පෙත්තප්පු බිමින් බිමින් වර පෙත්තප්පු උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පු

රාන් කිරිල්ලිය රාන් කිරිල්ලිය රාන් කුරුල්ලට එන්න කියාපිය රන් පුටුවක් උඩ ඉන්න කියාපිය නූලක් මතුරල දේන කියාපිය

රන් රඹුටන් ගස් දෙකයි වළි කුකුළන් පස් දෙනයි උන්ගෙ කරේ බොත්තමයි බලන්න හරි ලස්සණයි

අත්තක රතු මල් අත්තක සුදු මල් වලූ මල් බෙලි මල් නැන්දගෙ වත්තේ රෑණ කිතුල් මල් තකදොං තරිකිට තකදොං තරිකිට තකදොංතා තකදොංතා

තාක්ක දොං දොං තාක්ක දොං දොං තේක්ක මල් පිපිලා ඔන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා

ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට තා නෙලූම් මලයි මල් වඩමයි දොංත තකිට තා දොං ත තකිට දොංත තකිට දොංත තකිට තා

ඉර බසිනා කල ගසකට කුකුළන් පියාසරින් නගිතෙයි දෙපතුල් කටුවන් කරමල් රතුවන් රිංද ගුඳන් තකතෙයි එළිවෙන යාමෙට ඌ ඉඳ එතනින් හීන් හඬින් හඬතෙයි කුකුළගෙ සවුදම ඔන්න ගසනවා කොක කොක් ගහිති ගතෙයි

වත්තෙ නැන්දගේ රෙද්දෙ තුත්තිරි සිද්ද පත්තිනි දෙයියනේ තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත් තිත්තමයි හැම දෙයියනේ තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් දෙකෙන් බැද්දත් කොබෙයියා

රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි මදු කොළ අහුරක් මිටට කඩාගෙන ඉදොඃ ඉදොඃ කියතෙයි – තෙතෙයි තෙයි ඉදොඃ ඉදොඃ කියතෙයි බාන් පොටක් ගෙන කර දමාගෙන කදුරු ගහේ බඳිතෙයි – තෙතෙයි තෙයි කදුරු ගහේ බඳිතෙයි මෙච්චර මේ රටේ පිරිමි සිටිද්දිත් ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි

රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චී ගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චී දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත වන්ඩු දෙකක් උඩු පිට්ටු දෙකක් ඇත තන තන්න තන තන්න තන තන්න කීවා ළැම පැත්ත උස් වෙන්න කිරි මැට්ටා ගෑවා

බච්චො ආත්තත් ගොඬේ ආත්තත් කොත්තන් මුත්තත් – බබියානත් යකදුරු මුත්තත් පේදුරු මුත්තත් ඉලූක් කනත්තත් – කිරි එතනත් යද්දෙහි මුත්තත් ගෝසක මුත්තත් සලමන් මුත්තත් – කළු මුත්තත් මේ හැම මුත්තල අපේ ආත්තල කොහේ ගියත් දැන් – සුර පුරයේ

තකිට දොං දොං – තකිට දොං දොං තකිට දොං දොං දොං – අපිට අරන් කැවුම්, කොකිස් නැන්දා එනවා දොං තරිකිට දොං දොං අවුරුද්දයි රබාන දැන් හරි – හරි සද්දයි තකිට දොං දොං – තකිට දොං

පිලවක්කේ කැත්ත දො දොං පිලවටකර කැත්ත දො දොං ගුදං ගතං කැත්ත දො දොං රාං රූං කැත්ත දො දොං

එගොඩ ගොඩෙත් රත්තරන් මෙගොඩ ගොඩෙත් රත්තරන් එගොඩ ගොඩෙත්, මෙගොඩ ගොඩෙත් ඇතෙක් බරට රත්තරන්………..

රන් තැඹිලි ගස් දෙකයි ගොන් තැඹිලි ගස් දෙකයි ගස් දෙකට මල් දෙකයි මල් දෙකට ගෙඩි දෙකයි

බුබුල් බුබුල් බණ්ඩක්කා
තුට්ටු දෙකට මං ගත්තා
තුට්ටු දෙකට මං අරගෙන
තුට්ටු දෙකට මං වික්කා

බබරගලේ බබරගලේ බබර බදිනවා
බබරගලේ බබර සුවද ගෙටම වදිනවා
තක දොන් ගෙටම වදිනවා

තේක්ක නැන්දේ තේක්ක නැන්දේ තේක්ක මාමා කොයි
අන්න බලන් සකි මෙන්න බලන් සකි ගහ උඩ සිට පෙරලෙයි

ඉහල ගෙදර තුන් දෙනයි
පහල ගෙදර තුන් දෙනයි
අපේ ගෙදර තුන් දෙනයි
මුලු වත්තෙම නව දෙනයි

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන්

සං සාර සාරෝඝ විනීත ණී        සං
සං ණීත සාතං සුචිසාර ධී           සං
සං ධීරකං සොණ්ණ තනූ පලා   සං
සං ලාප දේසිං පණමේභි සා      සං

සසර සඬ පහර නවතා නිවන්          වැද
පැතිර නැණති දිරිමත් රන් පතක්   ලෙද
නිතර දිලෙන තුම් සදහම් දෙසන     ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිම        සඳ

සං සාභිගං කේවල මෝහ නා     සං
සං නාහකං මාර රණේ විසේ      සං
සං සේවිතං දාසි මුදාර හා            සං
සං හාර ධම්මං පණමේ සදා        සං

සැක තැන් දුරු කරන එලෙසින් මෝ      නසන
යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි               රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති      නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි               පහන

සං දාසගං නාසිත පාප නා       සං
සං නාපධං සිං හත ඝෝර පා   සං
සං පාර ගාමිං සුචිසාර වා        සං
සං වාර සංඝං පණමේ රසා     සං

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම         නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුණ          පුරණ
ලත් සැප දමා පර තෙර වෙත නෙත      යොමන
වඳිනෙමි නිති පතා පින්සරු මහ               සඟන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©2026 Japura | Sri Lanka Developed By: Web C Lanka (Pvt) Ltd